විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය ගේල් මොන්ෆිල්ස්ට
February 18, 2019 01:23 pm
රොටර්ඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ප්රංශයේ ගේල් මොන්ෆිල්ස් ඊයේ සමත් විය.
ඔහු මෙම තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ප්රථම අවස්ථාව මෙයයි.
රොටර්ඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්රංශයේ ගේල් මොන්ෆිල්ස් සහ ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලාස් වව්රින්කායි.
තරගයේ පලමු වටය ලකුණු 6ට 3ක් ලෙස ගේල් මොන්ෆිල්ස් ජයගත්තේය.
නමුත් දෙවන වටයේදී ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ ස්ටැනිස්ලාස් වව්රින්කා එම වටය ඉතා පහසුවෙන් ජයගත්තේ ලකුණු 6ට 1ක් ලෙසයි.
තීරණාත්මක තුන්වන වටය නැවතත් ලකුණු 6ට 2ක් ලෙස ජයගත් ගේල් මොන්ෆිල්ස් වට 2ට 1ක් ලෙස අවසන් මහා තරගය ජයගත්තේය.
මෙම ශූරතාව ගේල් මොන්ෆිල්ස් හිමිකර ගත් 8වැනි ප්රමුඛ පෙලේ ටෙනිස් ශූරතාවයි.