වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි

වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි

February 18, 2019   12:57 pm

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලකට ඇද වැටුණු වන අලියා මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම වන අලියා ඊයේ(17) රාත්‍රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිලියේ වලට ඇද වැටී ඇති බව වාර්තා වෙයි.

වන අලියා ඇද වැටීම නිසා අලියාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද(18) උදෑසන කාලයේ සිට වැල්ලවාය සහ කිතුල්කෝටේ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත විය.

නමුත් උදෑසන දහය හාමරට පමණ වන අලියා මියගිය අතර මෙලෙස ඇද වැටුණු වන අලියා වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන වනජීවි නිලධාරීන් පවසන අතර වල තුළට ඇද වැටිමේන් අලියාගේ ශරීරයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් යට වී තිබී ඇති අතර එම  නිසා අලියා තුවාල ලබා මෙලෙස මිය යන්නට ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

ප්‍රදේශයේ වනඅලි ගැටලුව නිසා දිනෙන් දින මිනිස් ජීවත මෙන්න අලින්ගේ ජීවතද මෙලෙස විනාශ වීම විශාල අපරාදයක් බවත් මෙයට විසඳුමක් ලබා බලධාරීන් සතු වගකීමක් බව ප්‍රදේශයේ ජනතාව පවසයි.