මෛත්‍රීව ජනාධිපති කළේ අපි

මෛත්‍රීව ජනාධිපති කළේ අපි

February 18, 2019   11:18 am

සියලු පළාත් නියෝජනය වන පරිදි එකම දිනයක පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය පරක්කු කරනු ලැබුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වන බවත්, ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මෙයට වගකිව යුතු බව ද මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අලුත් ක්‍රමය ගැන පවසමින් මුස්තාෆා මහතා, හිතාමතා පරක්කු කළ බවත්, ජනාධිපතිවරයාට වැරදි උපදෙස් ලබා දෙන පිරිසක් එදත් අදත් පක්ෂය තුළ සිටින බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කළේ තමන් වන බවත්, අද වන විට ජාතික ලැයිස්තුවෙන් පත්වුණ පිරිසක් සිටින බවත්, ඔවුන්   එදා නොසිටි බව ද සඳහන් කළ මනෝ ගනේෂන් මහතා, පළාත් සභා මැතිවරණය පළාත් සියල්ලටම එකම දිනයක පැවැත් වීමට කටයුතු කළ යුතු බව ද පැවසීය.

සැප්තැම්බර් මාසයෙන් පසුව පළාත් සභා මැතිවරණයක් පැමිණෙන්නේ නම් ජනාධිපතිවරණයට එළඹිය යුතු බවත්, එහිදී ජනවරම ලබා ගත යුතු බවත් පැවසු අමාත්‍යවරයා ඒ සඳහා තමා ලෑස්ති බව ද පැවසීය.