කල්පිටිය වෙරළ තීරයටත් මළ සිරුරක් ගොඩ ගසයි

කල්පිටිය වෙරළ තීරයටත් මළ සිරුරක් ගොඩ ගසයි

February 18, 2019   11:08 am

කල්පිටිය, ආලංකුඩා වෙරළ තිරයේ තිබී තනාදුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇති බව නොරෝච්චෝල පොලීසිය පවසයි.

අද(18) උදෑසන ආලංකුඩා වෙරළ තිරයට ගොඩගසා තිබියදී මෙම සිරුර හමුවී ඇති බව වාර්තා වෙයි. 

මෙසේ ගොඩ ගසා තිබු මළ සිරුර වයස අවුරුදු 40 කට ආසන්න පුද්ගලයකු බවට සැක කරන බවත් නිල් පැහැති කලිසමකින් හා නිල් පැහැති කොටු සහිත ටි ෂර්ට් එකක් හැද සිටි බව පොලීසිය පවසයි. 

මළ සිරුර සම්බන්ධව පුත්තලම මහෙස්ත්‍රාත්වරයා පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසුව ලබා දෙන නියෝග මත කටයුතු කරන බව නොරෝච්චෝල පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.