උණ වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
සයුරෙන් එතෙර

උණ වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

February 18, 2019   10:49 am

ග්‍රීසියේ පැතිර යන උණ වසංගතයක් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගය ආසාදනය වූ 61 දෙනෙකු මේ වන විට දැඩි සත්කාරක ඒකක වල ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

මේ දිනවල ග්‍රීසියේ පැතිර යමින් ඇති උණ වසංගතය හේතුවෙන් සිදුවන මරණ දිනෙන් දිනම ඉහළ යමින් ඇත.

එම රෝගය ආසාදනය වූ බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම රෝගය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බොහෝ දෙනෙකු ළමුන් සහ වැඩිහිටියන් බව විදෙස් වාර්තාවල දැක් වේ.

වෙනත් රෝග වලට ගොදුරුවී සිටීම හෝ මෙම රෝගය සඳහා එන්නත් ලබාගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවල සඳහන්.

මේ අතර මෙම රෝගය ආශ්‍රිත සංකූලතා සහිත පුද්ගලයන් එන්නත් ලබාගැනීමේ වැදගත්කම සම්බන්දයෙන් අවධාරණය කිරීමට  එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

එමෙන්ම රටපුරා පිහිටි රෝහල් වලට එන්නත් පනස් දහසක් පමණ ලබාදීමට රජය කටයුතු කර ඇතැයිද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.