වලේ වැටුණු සද්ධන්තයා
February 18, 2019 10:36 am
වැල්ලවාය, ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය ප්රදේශයේ නිවසක වැසිකිලි වලකට වන අලියෙකු ඇඳ වැටී ඇති අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම වන අලියා ඊයේ(17) රාත්රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිලියේ වලට ඇද වැටී ඇත.
වන අලියා ඇද වැටීම නිසා අලියාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද(18) උදෑසන කාලයේ සිට වැල්ලවාය වනජීවි නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව වන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි පරිශ්රමයක් ගත් බව අප වාර්තාකරු පැවසීය.
මෙලෙස ඇද වැටුණු වනඅලියා වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන අතර වල තුළට ඇද වැටිමේන් අලියාගේ භාහිර හා ශරීරය ඇතුළත දැඩි තුවාල හා හනී සිදු වී ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
මෙම ප්රදේශයට සෑම දිනකම පාහේ වනඅලි කඩා වදින අතර පසුගිය සතියේ දී එලෙස ගම් වැදුනු වන අලියෙකු සිදු කළ ප්රහාරයකින් දිවුල් ඇහිදීම සඳහා ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් විය.