අද ආණ්ඩුව තියෙන්නේ අපි ගාව-අපිට ඕන බලපෑමක් කරන්න පුළුවන්

අද ආණ්ඩුව තියෙන්නේ අපි ගාව-අපිට ඕන බලපෑමක් කරන්න පුළුවන්

February 18, 2019   10:16 am


ඇතමුන් බලයේ සිටිමට රටේ දුප්පත්කම එලෙසම පවත්වාගෙන යෑමට උත්සහ කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

රත්නපුර  ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

බලයේ සැමදා සිටිය යුතු යැයි සිතමින් පටු අදහස් කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකරන බවත්, දෙසැම්බර් 26 වන දින දේශපාලන කුමන්ත්‍රණයකින් පරාජයට පත් කිරීමට උත්සහ කළ බවත්, එහිදී බොහෝම නිහතමානී ලෙස එහි වගකීම් බාර ගෙන කටයුතු කළ බව ද අමාත්‍යවරිය පැවසීය.

අධිකරණය එයට සුදුසු තීරණ ලබා දීම හේතුවෙන් අද නැවතත් බලයට පත්ව ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරිය අවසන් පැය 23 දක්වා ජනතාව වෙනුවෙන් වැඩ කරන බව ද සඳහන් කළාය.

අද ආණ්ඩුව තියෙන්නේ අපි ගාව බවත් එනිසා ඕනෑම බලපෑමක් සිදු කළ හැකි බව ද සඳහන් කළ අමාත්‍යවරිය එවැනි තත්ත්වයක් පැවතියත් අද වන විටත් දුප්පත්කම පවත්වා ගනිමින් බලයේ සිටින තත්ත්වයකට පත්ව ඇතැයි ද සඳහන් කළේය.