මහනුවර උසස් බාලිකාවන්ගේ නිර්මාණ කෘති 500ක් එකවර එළිදකී

මහනුවර උසස් බාලිකාවන්ගේ නිර්මාණ කෘති 500ක් එකවර එළිදකී

February 18, 2019   09:05 am

මහනුවර උසස් බාලිකා විදුහලේ ශිෂ්‍යාවන්ගේ නිර්මාණ කෘති 500 ක් දොරට වැඩීම සහ ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රවීණ ලේඛිකා පියසීලි වි‍ජේමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ පෙබරවාරි මස 27 වනදා විද්‍යාලයේ කොන්ස්ටන්ට් මැලට් ශාලාවේදීය.

ශිෂ්‍ය ප්‍රජාවගේ ලේඛන කුසලතා සංවර්ධනය මඟින් අධ්‍යාපනයේ ගුණාත්මක දියුණුවක් ඇති කිරීම අරමුණු කර ගෙන මහනුවර අධ්‍යාපන කාර්යාලය සංවිධානය කළ ග්‍රන්ථ නිර්මාණ ව්‍යපෘතියට සමගාමීව මෙය සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.

මහනුවර උසස් බාලිකා විදුහලේ සිංහල සහ ලේඛිකා සංගම්ද පුස්තකාල කමිටුවද එක්ව ‘පිපෙන කුසුම් 2019’ නමින් මෙම ග්‍රන්ථ දොරට වැඩීමේ උළෙල පැවැත්වීමට නියමිතයි.

විදුහල්පතිනි එම්.අබේගුණවර්ධන මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම ව්‍යපෘතියට ශිෂ්‍යාවන්ගේ නව කතා, කෙටි කතා ගීත  නිර්මාණ  ළමා කතා ඇතුළුව ඇතුළුව සිංහල දෙමළ  සහ ඉංග්‍රීසි බසින් රචිත  ග්‍රන්ථ රැසක් ඇතුලත් වෙයි.

මෙයට අමතරව විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ග්‍රන්ථ කිහිපයක්ද මෙදින එළි දැක්වීමට නියමිතව තිබේ.