රත්නපුරේ වෙඩි තැබීමක්
February 18, 2019 08:38 am
රත්නපුර පොලිස් වසමේ රත්නපුර රද්දැල්ල මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් තුවාල ලබා තිබේ.
ඊයේ(17) රාත්‍රී 10.25ට පමණ මෙය සිදුව ඇත්තේ පෞද්ගලික රෝද රථ මධ්‍යස්ථානයක් අසලදීය.
තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.
රත්නපුර පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 39 ක් වු ගල්ගමුව, කරන්ගොඩ, රත්නපුරය යන ලිපිනයේ පදිංචි රද්දැල්ලගමඇති රාළලාගේ තිස්ස රත්න ශාන්ත නැමති පුද්ගලයෙකි.
වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.