මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනාව ඉහළ නැංවීමට හේතුව ඇමති හෙළි කරයි

මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනාව ඉහළ නැංවීමට හේතුව ඇමති හෙළි කරයි

February 18, 2019   06:53 am

පාර්ශව රැසක ඉල්ලීම මත පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ නිදහස් තැපැල් දීමනාව ඉහළ නැංවීමට පියවර ගත් බව තැපැල් සේවා හා මුස්ලීම් ආගමික කටයුතු පිළබඳ අමාත්‍ය ඒ .එච් .එම්. හලීම් මහතා පවසයි.

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සඳහා වසරකට ලබා දුන් රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක නිදහස් තැපැල් පහසුකම රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම පළාත් සභා මන්ත්‍රිවරයෙකුට වසරකට ලබා දුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000 සිට රුපියල්  48000 ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත.

මෙම නිදහස් තැපැල් දීමනාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් තැපැල් සේවා අමාත්‍ය ඒ එච් එම් හලීම් මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළේය.