2018 දී පමණක් නීති විරෝධී වැලි ගැරූ අය 7800කට නඩු

2018 දී පමණක් නීති විරෝධී වැලි ගැරූ අය 7800කට නඩු

February 17, 2019   01:03 pm

නීති විරෝධී වැලි කැණීම් කල පුද්ගලයින් 7800කට එරෙහිව පසුගිය වසර තුළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
 
එහි සභාපති අසේල ඉද්දවල මහතා සදහන් කළේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කළ පුද්ගලයින් ද ඒ අතර වන බවයි.

මේ වන විට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තාවකාලිකව අත්හිටුවා ඇති වැලි කැණීම් බලපත්‍ර සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ද අසේල ඉද්දවල මහතා සදහන් කළේය.