මත්ද්‍රව්‍ය නවත්වන්න පුළුවන් දේශපාලඥයෙකුත් මේ පිටුපස නැත්නම්

මත්ද්‍රව්‍ය නවත්වන්න පුළුවන් දේශපාලඥයෙකුත් මේ පිටුපස නැත්නම්

February 17, 2019   11:46 am

රටේ විනය ආරක්ෂා කරන තැනින් දූෂණ සිදුවන්නේ නම් ඉදිරිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 

ගාල්ලේ පැවති "රට දිනවන අභියෝගයට අපි සූදානම්" රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගියදා ගාල්ලේ ප්‍රධාන පාසලක විදුහල්පතිනිය ලක්ෂයක් පගාව ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසූවේ තම දරුවන්ට ඉගැන්වීමට කටයුතු කිරීමට අවශ්‍යතාවය ඇති නිසා මව්පියන් එවැනි ලෙසින් පගාව දෙන බවයි.

ලැබෙන ආදායමෙන් ජීවත් විය නොහැකි නිසා එම පුද්ගලයින්ද පගාව ගැනීම සිදු කරන බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ  ආණ්ඩුබලයේ සිටින පුද්ගලයින් වගාව ගැනීමට පුරුව සිටින හෙයින් පගාව ගැනීමෙන් හසු වන පුද්ගලයින්ද කුඩා ලෙස පගාවක් ගැනීම ප්‍රශනයක් නොවන බව සිතා එලෙස පගාව ගන්නා බවයි.  

යහපත් පුරවැසියෙක් හදන තැන සිට යහපත් පුද්ගලයින් බිහි කරන අය පගාව ගන්නේ නම් හෝ විනය රකින පුද්ගලයින් වන පොලීසිය මඟදී පගාව ගන්නේ නම් රටේ තත්ත්වය කුමක්ද යන්න විමසමින් ඔහු  ප්‍රකාශ කලේ වර්තමාන ක්‍රමය සකස් වී ඇත්තේ එලෙසින් බවයි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ 225න් මන්ත්‍රීවරුන් 100කටම තැබෑරුම් තිබෙන බව පසුගියදා පුවත්පතකින් දුටු බව සඳහන් කරමින් පැවසූවේ එලෙසින් තැබෑරුම් තියෙන මන්ත්‍රීවරුන් 100ක් සිටිද්දී මතට තිත යනුවෙන් වර්තමානයේදි සටන් පාඨ යොදන බවයි. 

එබැවින් විවිධ වූ ප්‍රකාශ සිදු කරමින් මත්ද්‍රව්‍ය නැවැත්වීමට ජනාධිපතිවරයාද උත්සහ කළත් එසේ නැවැත්වීම කළ නොහැකි බව ඔහු කියා සිටියේය.  

වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා පැවසූවේ දේශපාලඥයෙකුත් මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ නැතිනම් මත්ද්‍රව්‍ය නැවැත්විය හැකි බවයි.