ලක්ෂ 4ක හොර නොට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 4ක හොර නොට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

February 17, 2019   11:15 am

රුපියල් හාර ලක්ෂයකට අධික ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බියගම පේරගස්හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 38ක්, දහසේ නෝට්ටු 300ක් සහ පන්සියයේ නෝට්ටු 165ක් සොයාගෙන තිබේ.

සැකකරු 40 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.