පාර්ලිමේන්තු සහ පළාත්සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම් ඉහළට

පාර්ලිමේන්තු සහ පළාත්සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම් ඉහළට

February 17, 2019   08:06 am

පාර්ලිමේන්තු සහ පළාත්සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම් ප්‍රතිපාදනය වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වසරකට රුපියල් එක් ලක්ෂ 75,000ක්ව පැවති නිදහස් තැපැල් පහසුකම් ගාස්තුව රුපියල් තුන් ලක්ෂ 50,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වන්නේය.

 පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් ගාස්තුව වසරකට රුපියල් 24,000ක්ව පැවති අතර එය රුපියල් 48,000 දක්වා ඉහළ දමා තිබේ.

 තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බව සදහන්.

 මෙම සංශෝධනයන් 2018 වසරේ ජනවාරි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන බව ගැසට් නිවේදනයේ සදහන් වේ.