දිවයිනේ කළ මෙහෙයුම්වලින් මිනිස් ජාවාරම් මෙහෙයවන 6ක් අත්අඩංගුවට
February 17, 2019 06:48 am
මිනිස් ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 14 සහ 15 යන දෙදින තුළ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
එම මෙහෙයුම්වල දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගතවීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අදාළ මිනිස් ජාවාරම මෙහෙවන පුද්ගලයින් හය දෙනෙකු ද වන බව නාවික හමුදාව සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණ නීති විරෝධී ලෙස සංක්රමණය වීම සඳහා ලැගුම්හල් තුළ රහසිගතව රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සියඹලාන්ඩුව ප්රදේශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු, කතරගම ප්රදේශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු, වීරවිල ප්රදේශයෙන් පුද්ගලයින් තිදෙනෙකු සහ හික්කඩුව ප්රදේශයෙන් එක් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
නාවික හමුදාව සඳහන් කළේ මෙම මිනිස් ජාවාරම් කටයුතු සඳහා භාවිත කරන ලද මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් ද සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ රථ වාහන වැඩිදුර පරීක්ෂණ සඳහා තිස්සමහාරාම සියඹලාණ්ඩුව පොලිස් ස්ථාන වෙත භාර දී තිබේ.