හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ උක් අස්වනු නෙලීම ආරම්භ වෙයි

හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ උක් අස්වනු නෙලීම ආරම්භ වෙයි

February 16, 2019   10:05 am

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යන හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ අටවෙනි ඇඹරුම් වාරය සඳහා උක් අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.

ගල්මඩුව කලාපයෙන් මෙම උක් අස්වනු නෙලීම ඊයේ(15) ආරම්භ කල අතර ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගාමිනී රත්නායක සහ සාමාන්‍යාධිකාරි සුරාත් පෙරේරා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අස්වනු නෙලීම පවත්වනු ලැබීය. 

රටේ සීනි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි කාලයේදි තවත් සීනි කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමට ගල්ඔය වැවිලි සමාගම සූදානම් බව මෙහිදී සාමාන්‍යාධිකාරී සුරාත් පෙරේරා මහතා පැවසීය.