මහ මඟ දී බඹර ප්රහාරයක්-2ක් රෝහලට
February 11, 2019 05:33 pm
බඹර කුඩුවක් ඇවිස්සිම හේතුවෙන් බඹරුන් මාර්ගයේ ගමන් කළ වාහනවල ගමන් ගත් මගීන්ට ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තුවාල ලැබු දෙදෙනෙක් බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසට අයත් බගවන්තලාව චැපල්ටන් වතු යායේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ වාහනවල ගමන් ගන්නා මගින්ට ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
අද (11) පස්වරු 4 ට පමණ බඹර කුඩුව ඇවිස්සි යතුරු පැදියෙකින් ගමන් ගත් තරුණයින් දෙදෙනෙකුට ප්රහාරයක් එල්ල කිරිමත් සමග වතු කම්කරුවන් ප්රධාන මාර්ගය අභියස ගිනි ගොඩක් ගසා දුමාරයක් ඇති කර බඹර ප්රහාරය පාලනය කිරීමට සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.