සිත නිවන තැනක්
February 11, 2019 05:01 pm
දඹුල්ල පහලවැව ගමේ ගම්වැසියන් සිය දනය ශ්‍රමය කැපකොට ඉදිකරන ලද "සිත නිවන තැන " නමින්වූ භාවනා අසපුව සගසතු කොට පුජා කිරීම 10 දින සිදු කෙරිණි.
රංගිරි දඹුලු රජමහා විහාරස්ත උයන්වත්න පුරාණ පන්සලේ විහාරාධිපති හල්මිල්ල වැවේ ප්‍රේමරතන හිමියන්ට මේ ස්ථානය පුජාකළහ.
මේ ස්ථානයේ සිත නිවන භාවනා වැඩසටහන් හා භාවනා යෝගීව වැඩ සිටිනු ලබන්නේ කන්දලමේ ගුණරතන හිමියන් විසින්ය.
ගිහි පැවිදි බොහෝ දෙනකුගේ කලබල කාරී ජීවිතයට කිසිදු වියදමකින් තොරව මේ ස්ථානයට පැමිණ පරිසර පද්දතියත් සමඟග සිත නිවා ගන්නට හැකි බව උයන්වත්න පුරාණ පන්සලේ විහාරාධිපති හල්මිල්ල වැවේ පේමරතන හිමියෝ සඳහන් කළේය.
තරගකාරී ජීවිතයෙන් මදකට අතමිදීමට "හිත නිවන තැන" නමින් මනරම් ස්ථානයක් පහලවැව ගමේ පදිංචි නීතිවේදී කේ.ජි.විජේරත්න මහතා ගේ අදහසක් අනුව ගම් වැසියන් එක්ව මේ ස්ථානය ඉදිකොට සග සතුකොට ඊයේ(10) පුජා කළහ.
මෙම "සිත නිවන තැන" පිහිටා ඇත්තේ දඹුල්ල පහලවැව නම් වූ සුන්දර ගම්පියසේ පිහිටි රමණිය නිස්කලංක පරිසරයක වූ කන්ඩලම් ගල නමින් ගැමියන් හැදින්වූ ස්ථානයේය.