සයුරෙන් එතෙර
අමෙරිකානු ඩොලර් මිලියන 5ක් කොකේන් ඉන්දීයාවෙන් අල්ලයි
February 11, 2019 04:32 pm
කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5ක්.
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් එක් අයෙක් බ්‍රසීල ජාතික කාන්තාවක් වන අතර සෙසු තිදෙනා නයිජීරියානු ජාතිකයන් බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.
කොකේන් රාත්තල් 14ක් ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
නිවෙසක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව විමර්ශණ සිදුකළ පොලිස් නිලධාරීන් පවසා ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය ජොහැනස්බර්ග් නගරයට අපනයනය කිරීමට සූදානම් කර තිබූ බවටත් තොරතුරු වාර්තාවී තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.