සේනා නිසා අම්පාර උණුසුම් වෙයි

සේනා නිසා අම්පාර උණුසුම් වෙයි

February 11, 2019   04:18 pm

සේනා දලඹුවා විසින් හානි කරන ලද ඉරිඟු වගාව වෙනුවෙන් වහාම වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කාය් ගොවි ජනතාව අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසලට පැමිණි ගොවීන් බඩ ඉරිඟු ගස් අතැතිව පොලපාළියකින් ගමන් කර අම්පාර දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට නිරත විය.

පාලකයිනි බඩ ඉරිඟු වගාව විනාශයි, වහාම වන්දි දෙනු, පාලකයින් බඩ ඉරිඟු ගොවියා විනාශයි, සේනා දළඹුවා මර්ධණය කරනු, යන විවිධ සටන් පාඨ රැගෙන ගොවීන් විරෝධතාවට නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

ආණ්ඩුව බඩ ඉරිඟු ගොවියාට වන්දි දීම මඟ හරිමින් සිටින බවට විරෝධතාකරුවන් චෝදනා කරයි.

ඔවුන් ඉල්ලා සිටියේ තමන් බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවීම හැකි ඉක්මනින් මෙම සහනාධාරය ලබාදෙනා ලෙසයි.

මෙම හානිය නිසා ගොවින් මහත් අපහසුතාවයට පත්ව ඇති අතර අද ජීවත්විමත් ගැටලුවක් වි ඇති බව විරෝධතාකරුවනර් වැඩිදුරටත් පැවසීය.