ආණ්ඩුව අනාථ වෙලා
February 11, 2019 04:05 pm
වත්මන් ආණ්ඩුව ඉදිරියට යාමට නොහැකිව අනාථ වී සිටින බව පාර්ලාමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මාර්තු මාසයේ 05වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත බවත් මේ ආන්ඩුවේ පැවැත්ම රාදා පවතින්නේ ඇමැතිධූර මත බවත් එම නිසා ජාතික ආණ්ඩු සංකල්පය යනුවෙන් කුමක් හෝ සදා ගැනිමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා පවසයි.
ජාතික ආණ්ඩුවක සිටි බැවින් රටට වැඩක් කිරිමට නොහැකි වු බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාම පැවසු බැවින් තනිවම සදාගත් ඒක ආණ්ඩුවක් තිබියදි ජාතික ආණ්ඩුවක් කුමකටද යන්න සම්බන්දයෙන්ද මන්ත්‍රීවරයා පවසයි.
මෙ වන විට එක්සත් ජාතික පක්ෂය තුලම අමාත්‍යධූර සඳහා ගැටුම් ඇති වි ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.
එබැවින් ඉදිරිපත් කිරිමට නියමිත අයවැය යොජනාවට සහාය දීමටනම් තමන්ට අමාත්යධූරටක් අවශ්‍ය බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසන බව හෙළි වි ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එහිදි පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ මැතිවරණ පැවැත්වීමට ඇති බව නිසා මැතිවරණ නොපැවත්වු බවයි.
තවද ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහයද ලැබුණු බවට චෝදනා කළේය.
ආන්ඩුව මේ වන විට කපිතාන් කෙනෙක් නොමැති නැවක් මෙන් හුලං හමන දිවාට ගමන් කරන බවද පැවසීය.
පාතාල නායක මාඳුරේ මධූෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනිමේන් ලැබේන ප්‍රසන්සා බෙදා ගැනිමට නොහැකිව ආණ්ඩු පාර්ශවයේ පිරිස . පොරකන බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතාද අදහස් දැක්වීය.