දුම්රියේ ගැටී අකාලයේ මියන සද්ධන්ත ජීවිතවලට සාධාරණයක් ලැබෙයිද?

දුම්රියේ ගැටී අකාලයේ මියන සද්ධන්ත ජීවිතවලට සාධාරණයක් ලැබෙයිද?

February 11, 2019   03:31 pm

අතීතයේ සිටම මෙරටට සම්පතක් වූ අලි ඇතුන් දුම්රියේ ගැටී සිදු වන මරණවල වර්ධනයක් පසුගිය කාලයේ දක්නට ලැබුණි.

2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ වසර 5 ක කාලය තුළ දුම්රියේ ගැටී අලින් මිය යාමේ සිද්ධි 36 ක් වාර්තා වී ඇති අතර වාර්තා වූ  අලි මරණ ගණන 29 කි.

කෙසේ වෙතත් දුම්රියේ ගැටී සිදු වන අලි මරණ අනතුරු වළක්වාගැනීම සඳහා බලධාරීන් නිසි පියවර නොගන්නා බවට පරිසරවේදීන් චෝදනා කරයි.

මෙලෙස අලින් දුම්රියේ ගැටී සිදු වන අනතුරුවලින් ගෙවුණු වසර 5 තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති අලාභය රුපියල් මිලියන14 කට අධිකයි.

ශ්‍රී ලංකාවේ දැනට වන අලි ගැටෙන දුම්රිය මාර්ග ලෙස මන්නාරම් උතුරු දුම්රිය මාර්ගය, මඩකලපුව දුම්රිය මාර්ගය, ත්‍රීකුණාමලය මාර්ගය අතරින් ගල් ඔය සිට මඩකලපුව හා ත්‍රීකුණාමලය දක්වා දිවෙන දුම්රිය මාර්ගය හඳුනාගෙන තිබේ.

පරිසරවේදීන් පෙන්වාදෙන්නේ දුම්රිය රියදුරන්ට මෙම අනතුරු වළක්වාගැනීම සඳහා ප්‍රායෝගික ගැටලු රැසක් පැවතුණත් බලධාරීන් ඒවා විසඳීමට මැදිහත් වී නොමැති බවයි.

මේ තත්ත්වයට පිළියම් වශයෙන් දුම්රිය මාර්ගය ආසන්නයේ වන අලීන් සිටින ස්ථාන පිළිබඳව දුම්රිය රියදුරන්ව දැනුවත් කිරීම සඳහා කෙටි පණිවුඩ සේවාවක් දැනටමත් ක්‍රියාත්මකකර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වා දේනනේ  දුම්රියේ ගැටී වන අලි මරණ වළක්වාගැනීම සඳහා වෙනත් නවීන විසඳුම් වෙත බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.