නිදහසේ සිටි ජීවිතයක් අහිමි කළ සැකකරුවන් 2ක් අල්ලයි

නිදහසේ සිටි ජීවිතයක් අහිමි කළ සැකකරුවන් 2ක් අල්ලයි

February 11, 2019   02:01 pm

හොර්ටන් තැන්න රක්ෂිතයට අයත්  බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සැරිසැරු ගෝනෙකු මරා මස් කර අලෙවි කිරිම සඳහා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු මස් තොගය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි.ධර්මප්‍රිය මහතා විසින් මේ බව අනාවරණය කර තිබේ.

මෙම සැකකරුවන් තවත් එක් අයෙක් සමඟ එක් වී උගුලක් අටවා ඊයේ (10) දහවල්  එම රක්ෂිතයේ සැරි සැරු ගෝනෙකුට මස්කර අලෙවි කිරිම සඳහා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලීසිය මඟින් මෙම වැටලිම සිදු කර ඇත.

තවත් එක් සැකකරුවෙකු පලා ගොස් ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනාම හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

මෙම සැකකරුවන් තිදෙනාම බගවන්තලාව පොලිස් වසමට අයත් කැන්පියන් සෙන්විජන්ස් වතුයායේ පදිංචිකරුවන් බව පොලීසිය කියා සිටියේය.