ටයිටේනියම් බෙල්ලන් ජාවාරම උකුසු ඇසට හසු හැටි
February 11, 2019 12:28 pm
කූඨ ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබෙන ටයිටේනියම් බෙල්ලන් ජාවාරමක සුලමුල උකුස්සා පසුගියදා රට හමුවේ අනාවරණ කළේය.
උකුස්සාගේ මෙම අනාවරණය එය නීති රැහැනට හසුකර ගත් ආකාරය පිළිබඳවයි.
කූඨ ලෙස අලෙවි කිරීමට සූදානම්කර තිබෙන ටයිටේනියම් බෙල්ලන් ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා රට හමුවේ තොරතුරු අනාවරණ කළේ පසු ගිය 9වනදායි.
එහිදී ජාවාරම්කරු සමඟ ගනුදෙනුව සම්බන්ධයෙන් කතාබර කරගනු ලැබුවේ මේ අකාරයෙන්.
ඒ අනුව උකුස්සා වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැමිණි පොලිස් කණ්ඩායම සමඟ ජාවාරම්කරු පැවසූ අකාරයට මිනුවන්ගොඩ ප්රදේශයට ළඟා විය.
අප එහි ගිය පසු ජවාරම්කරු ටයිටේනියම් බෙල්ලන් රැගෙන පැමිණියේය.
එහිදී ක්රියාත්මක වූ වලාන දූෂණ මර්ධන ප්රහාර ඒකකයේ නිලධාරීන් ජවාරම්කරු අත්අඩංගුවට ගත්තේය.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ ජාවාරම්කරු හා ටයිටේනියම් බෙල්ලන් දෙදෙනා මිනුවන්ගොඩ පොලීසීයට භාරදුන් අතර මෙම බෙල්ලන් දෙදෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ 80ට අධිකයි.
ඉදිරියේදීත් මෙවැනි කූට ජාවාරම් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.