ඕස්ට්‍රේලියාවේ යුද හමුදාවට බැඳුණ වීරවරියක්

ඕස්ට්‍රේලියාවේ යුද හමුදාවට බැඳුණ වීරවරියක්

February 11, 2019   12:15 pm

ඕස්ට්‍රේලියාවේ යුද හමුදාවට බැඳුණු ප්‍රථම ශ්‍රී ලාංකික තරුණිය පිළිගැනීම ඈ උපන් වයික්කාල ග්‍රාමයේදී පසුගිය දා සිදුව තිබේ.

මෙලෙස පිළිගැනීමට ලක්වුණේ වයික්කාල ග්‍රාමයේ උපත ලැබූ ජුඩිත් රෝනාෂා ප්‍රනාන්දු නමැත්තියකි.

1991 වර්ෂයේ  උපන් ඇය මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ දන්කොටුව බාලිකා විද්‍යාලයෙනි.
 
2012  වර්ෂයේ ඕස්ට්‍රේලියාව ට ගොස්  ඇති ඇ පසුව ග්‍රීසිට් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගෙන 2018 වසරේදී  එරට යුද හමුදාවට බැඳී තිබේ.

මේ වන විට ප්‍රයිවට් නමැති නිලයේ කටයුතු කරන ඇයට තවත් වසර දෙකකින් කෝප්‍රල් නිලය ලැබීමට නියමිතයි.

ඇයට ආශීර්වාද කළ පැවති දිව්‍ය පුජාවක් වයික්කාල අඩක්කල මාතා දේවස්ථානයේදී පවත්වා තිබේ.