උකුසු ඇසට හසු වු තවත් වංචනික ක්‍රියාවක්

උකුසු ඇසට හසු වු තවත් වංචනික ක්‍රියාවක්

February 9, 2019   07:38 pm

ආකර්ෂණීය බලයක් හිමි බව පවසමින් ටයිටේනියම් බෙල්ලන් දෙදෙනෙකු නීති විරෝධී අයුරින් අලෙවි කිරීමට යාමේදී නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද දෙරණ උකුස්සාගේ මේ අනාවරණය ඒ පිළිබඳවයි.

එහිදී පොලිස් භාරයට ගත් එක් බෙල්ලෙකු මෙරටදී පොලිස් අත්අඩංගුවට පත්වූ විශාලතම ටයිටේනියම් බෙල්ලා ලෙසයි සැලකෙන්නේ.

වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආඥාපනතේ 04වන උපලේකනයට අනුව ටයිටේනියම් බෙල්ලෙක් හෝ  බෙල්ලෙකුගේ කොටසක් ලඟ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්.

එවැනි පසුබිමක පාරම්පරිකව ලැබුණු බවට පවසමින් කූට අයුරින් ටයිටේනියම් බෙල්ලන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට නියමිත බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා මෙම ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැමිණි පොලිස් කණ්ඩායමක් සමඟ එක්වයි.

එහි පළමු පියවර ලෙස උකුස්සා ගැනුම්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ජවාරම්කරුවකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුවේය.

අනතුරුව ජාවාරම්කරු පැවසූ ආකාරයට අලෙවි කිරීමට සූදානම්කර තිබූ ටයිටේනියම් බෙල්ලෙකුගේ වීඩියෝ දර්ශන පෙළක් උකුස්සාට අන්තර්ජාලය ඔස්සේ එවනු ලැබුවේය.

ඒ අනුව ජාවාරම සම්බන්ධයෙන් තහවුරු කරගැනීමෙන් පසුව උකුස්සා ගනුදෙනුව සම්බන්ධයෙන් ජාවාරම්කරු සමඟ කතාබහක නිරත විය.

ඉන්පසු සිදුවූයේ කුමක්ද ? ඒ පිළිබඳ තොරතුරු හෙට (10) බලාපොරොත්තුවන්න.