හැටන් විශේෂ තැපැල් කවුළුව විවෘත කෙරේ

හැටන් විශේෂ තැපැල් කවුළුව විවෘත කෙරේ

February 8, 2019   04:31 pm

හැටන් තැපැල් තොරන මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ  අලුතින් ස්ථාපනය කරන ලද විශේෂ තැපැල් කවුළුව මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය විසින් අද (08) විවෘත කරනු ලැබීය. 

ඉකුත් දීපාවලි උත්සව සමයේ හැටන් ප්‍රධාන තැපැල් කාර්යයාලය ඉදිරිපිට භූමිය ව්‍යාපාරික කටයුතු සඳහා තාවකාලිකව බදු දීමෙන් ලබාගත් මුදල් සහ හැටන් ප්‍රධාන තැපැල් කාර්යයාලයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ මුදල් පරිත්‍යාගයෙන් ඉදි කරන ලද විශේෂ තැපැල් කවුළුව මෙසේ විවෘත කරනු ලැබීය.

හැටන් දුම්රිය ස්ථානයට යාබඳව අලුතින් ස්ථාපනය කරන ලද විශේෂ තැපැල් කවුළුව තුළින් විදුලි බිල්පත්, දුරකථන බිල්පත්, ජල බිල්පත්, විභාග ගාස්තු, ඡායා පිටපත් ඇතුළු තැපැල් සේවාවන් රැසක් මෙම විශේෂ කවුළුව තුළින් පාරිභෝගිකයන්ට සිදු කර ගැනීමට අවස්ථාව සැලසෙයි.

හැටන් ප්‍රධාන තැපැල් කාර්යයලයේ තාවකාලික පදනම මත වසර ගණනාවක් සේවය කළ තැපැල්කරුවන් 15 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ලබාදීමද මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පතිනි චමිෂා ද සිල්වා සිදු කෙරිණ.