මැණික් ඉල්ලං නිසා සිදුවන තවත් පරිසර හානියක් උකුසු ඇසට

මැණික් ඉල්ලං නිසා සිදුවන තවත් පරිසර හානියක් උකුසු ඇසට

January 29, 2019   07:01 pm

මැණික් ඉල්ලං සෝදා හරින ජලය හේතුවෙන් සිදුවන පරිසර විනාශයක් ගැන හැටන් ප්‍රදේශයේන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මේ දහස් සංඛ්‍යාත ජනතාවක් භාවිත කරනු ලබන කෙසෙල්ගමුව ඔයයි.

කලක පටන් මෙහි නෝර්වුඩ් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ පිරිසක් විසින් මැණික් ඉල්ලං සෝදා හරින ජලය සෘජුවම මෙම ඔයට මුදා හරින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

පරිසර නීතීන්ට අනුව මැණික් ඉල්ලං සෝදා හරින ජලය ප්‍රධාන ජලමූශ්‍රායකට හෝ මොනයම් හෝ ජලය ගලා බසින ස්ථානයකට මුදා හැරීම සම්පූරණයෙන්ම තහනම්. 

කෙසේ වෙතත් එම නීතිය අමු අමුවේ උල්ළංඝණය කරමින් මෙම පිරිස විසින් මැණික් ඉල්ලං සෝදා හරින රෝන් මඩ සහිත ජලය මුදාහරින ආකාරය එහිදී උකුස්සාට දැකගත හැකි විය.

වැඩි දුරටත් උකුස්සා සිදු කළ ගවේෂණයේදී අනාවරණ වුණේ මෙම කෙසෙල්ගමුව ඔයේ ජලය මේ හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇති ආකාරයයි.

මෙම ඔයේ ජලය අවසානයේ එකතුවන කාසල්රී ජලාශයද මෙමගින් අපවිත්‍රවන බව මෙහිදී උකුස්සාට දැක ගත හැකි වුණා. 

මේ පිළිබඳව සොයා බලා වගකිව යුත්තන් කඩිනමින්  කටයුතු කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.