සේනා පළතුරුවලටත් ව්‍යාප්ත වීමේ අවදානමක්

සේනා පළතුරුවලටත් ව්‍යාප්ත වීමේ අවදානමක්

January 23, 2019   07:16 pm

සේනා දළඹුවන් මේ වන විට බඩ ඉරිඟු වගාවේ සිට එළවළු හා පළතුරු වගාවන්ට ව්‍යප්ත වීමේ අවදානමක්
මතුව පවතියි.

එවැනි පසුබිමක ගොවීන් හා විවිධ පාර්ශ්ව විසින් දේශියව සපයාගන්නා ද්‍රව්‍ය මඟින් සේනා දළඹුවන්
මර්දනය කිරීමේ ක්‍රමවේද සොයා ගෙන තිබේ.

ඉන් ඇතැම් ඒවායේ සාර්ථකභාවය පරීක්ෂා කිරීමටද බලධාරීන් මේ වන විටත් පියවර ගෙන අවසන්.

කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ තරුණයෙක් එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය යොදාගනිමින් ඉතා කෙටි
කාලයක් තුළ සේනා දළඹුවා මර්දනය කිරීමට සොයාගත් ක්‍රමවේදයක් පිළිබඳව අද දෙරණ පසුගිය සඳුදා
අනාවරණ කළේය.

එම ක්‍රමවේදයේ සාර්ථකභාවය විමසා බැලීම සඳහා නැගෙනහිර පළාත් කෘෂිකර්ම නිලධාරීන් හා ත්‍රිකුණාමලය නියෝජ්‍ය කෘෂිනකර්ම අධ්‍යක්ෂ එම්.පරමේෂ්වරම් මහතා මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ඊයේ කටයුතු කළේය.

ඒ කන්තලේ රජ ඇල විද්‍යාලයීය භූමියේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් පවත්වාගෙන යන බඩ ඉරිඟු
වගාවේදීයී.

මේ අතර කුලියාපිටිය, මූණමල්දෙනියේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද සේනා දළඹුවා විනාඩි 10ක
පමණ කාලයකින් මර්දනය කිරීම සඳහා නිෂ්පාදන කළ දියරයක් පිළිබඳව අද දෙරණ පසුගිය සඳුදා
අනාවරණ කළේය.

එම දියරය නිෂ්පාදනය කරන ආකාරය එම ආයූර්වේද වෛද්‍යවරයා මෙලෙස අද දෙරණට අනාවරණ කළේය.

මෙවන් පසුබිමක කෙසෙල්, දෙහි කුලයේ බෝග, ගස් ලබු හා අඹ වැනි පළතුරු බෝග වලටද සේනා
දළඹුවන් ව්‍යප්ත විය හැකි බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙයි.

මේ අතර සේනා දළඹුවන් මර්දනය සඳහා තමන්ද දේශීය හා විදේශීය ක්‍රමවේද ඔස්සේ දායකත්වය ලබාදෙන
බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

දේශපාලන වේදිකාවලදීද සේනා දළඹු ව්‍යප්තිය පිළිබඳව ද අදහස් පළවිය.