ශ්‍රීලනිප යේ ස්ථාවරය වෙනස් වෙයි
January 23, 2019 06:56 pm
නිලකාලය අවසන් නොවූ පළාත් සභා ද විසුරවා හැර එකම දිනයක සියලු පළාත් සභා මැතිවරණ
පැවැත්විමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම සහාය ලබාදෙන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද
සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැරණි
ක්‍රමයට පවත්වන ලෙස අධිකරණ නියෝගයක් ඉල්ලා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.
ඔවුන් මේ අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට යෑමට අවශ්‍ය වන්නේ සුළු ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් බවත්, එය මාසයකට වඩා අඩු කාලයක දී සිදු කල හැකි බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය අවශ්‍ය නම් මුළු ලංකාව තුළම එක් දිනකදී පැවැත්වීමට හැකි වන බවත් එයට තම පක්ෂයේ කිසිදු විරෝධතාවයක් නොමැති බවත් සඳහන් කළේය.
මේ අතර මෙහිදී අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ, පසුගිය කාලයේ සාමාජිකයෙක් අධිකරණයට ගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව කටයුතු කළ බව ද සඳහන් කළේය.
එවැනි තත්ත්වයක් තුළ තාක්ෂණික ක්‍රමවේදයක් අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙය කල් දැමු බවත්, අධිකරණ නියෝගයට පටහැනිව මැතිවරණය කල් දැමමින් මේ සිදු කල ක්‍රියා දාමය ගැන සොයා බැලීම අධිකරණයට ඇති වගකීමක් බව ද ඒ මහතා වැඩිදුටරත් පැවසීය.