සයුරෙන් එතෙර
කහ කබාකරුවන්ගෙන් උණුසුම් වු පැරීසියට අධික හිම පතනයක්
January 23, 2019 06:19 pm
කහ කබාකරුවන්ගේ විරෝධතාවලින් දැඩි සේ කලබලකාරී ස්වරූපයක් ගත් ප්රංශයේ පැරිස් නුවරට මේ දිනවල අධික හිම පතනයක් වාර්තා වෙයි.
ඒ හේතුවෙන් මාර්ග තදබදයක් පැවැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙවර සෘතුවේ පළමු හිම වර්ෂාව පතිත වීමෙන් පසු ප්රංශයේ පැරිස් නුවර වීදි ශ්වේත වර්ණයෙන් සැරසී තිබුණේය.
මේ සමඟින් පැරිස් නුවරට ඉදිරියේදී දැඩි හිමපතනයක් වාර්තා විය හැකි බව බලධාරීන් පවසයි.
ඒ හේතුවෙන් මේ වන විටත් තැඹිලි පැහැ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඉදිරියේදී සෙන්ටිමීටර් 10කට අධික හිම පතනයක් ලැබෙනු ඇති බව කාලගුණ අංශ අනාවැකි පළකළේය.
හිම පතනය හේතුවෙන් මාර්ග අවහිරවී ඇති අතර දැඩි රථවාහන තදබදයක් මතුව ඇති බවටද සදහන් විය.
හිම පතනය හේතුවෙන් කුඩයක් නොමැතිව එහා මෙහා යාම පවා අසීරු වී ඇති බවද විදෙස් පුවත් වාර්තා කළේය.