නීති විරෝධී දැව ජාවාරම වලක්වයි
January 23, 2019 01:24 pm
මඩකලපුව පුල්ලුමලේ ප්රදේශයේ නීති විරෝධිව දැව තොගයක් ලොරියක ප්රවාහනය කිරීමට ගත් උත්සාහය වන කාර්යාල නිලධාරින් වලක්වා තිබේ.
ඊයේ (22) අත්අඩංගුවට ගත් රියදුරුව එරාවුර් සංචාරක පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ දෙකක් ශරීර ඇප මත නිදහස් කර තිබේ.
ඉන්පසු අධිකරණයෙන් ඇප අභියාචනය බාර ගෙනීමෙන් ලොරියද නිදහස් කර තිබේ.
සැකකරුවන්ට පෙබරවාරි 27 වැනිදා අධිකරණයට වාර්තාකරණ ලෙස නියෝග කර ඇත.
මහඔය ප්රදේශයේ සිට සෙන්ගලඩිය දෙසට කුඩා ප්රමාණයක ලොරියක දැව තොගයක් ප්රවාහනය කරමින් සිටියදී ඉලුප්පට්ටිච්චේනයි ප්රදේශයේදී වන කාර්යාල නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී එම දැව තොගය ප්රවාහනය කිරීමට අවසර නොමැති බව හෙළිවිය.
ලොරිය තුල අඩි 5ක් දිග ඇති තේක්ක හා බුරුත කඳන් 23ක් තිබී ඇත.