කෑම පැයේ විරෝධය

කෑම පැයේ විරෝධය

January 22, 2019   05:43 pm

රාජ්‍ය කලමනාකරණ සේවයට සම්බන්ධ වෘත්තිකයින් පිරිසක් අද(22) දහවල් කෑම පැයේදි විරෝධතාවක නිරත විය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැවති විරෝධතාවට රාජ්‍ය කලමනාකරණ සේවයට සම්බන්ධ වෘත්තීය සංගම් දහයක නියෝජිතයින් එක්ව සිටියේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් කෑම පැයේදි මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුනා.

විරෝධතාවට සම්බන්ධ රාජ්‍ය කළමනාකරණ සේවයේ නියුතු වෘත්තීය සංගම් නියෝජිතයින් ඉල්ලා සිටින්නේ තම ඉල්ලීම් වලට සවන්දී කඩිනමින් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසටයි.

3/2/1 ශ්‍රේණි සඳහා වැටුපක් ලබාදීම, අධි ශ්‍රේණිය සඳහා සඳහා නිසි වැටුපක් ලබාදීම, ශ්‍රේණිගත උසස්වීම් වලට අදාළ තරඟ විභාග යළි ආරම්භ කිරීම, රාජ්‍ය කලමණාකරන නිලධාරී තනතුර පිරිනැමීම ඇතුළු ඉල්ලීම් රැසක් විරෝධතාවට හේතුවී තිබේ.