දෙමෝදර වසර ගණනක් වැසුණ වැසිකිළිය

දෙමෝදර වසර ගණනක් වැසුණ වැසිකිළිය

January 22, 2019   05:05 pm

දෙමෝදර දුම්රිය ස්ථානයේ ජනතාව වෙනුවෙන් භාවිත කිරීමට ඇති වැසිකිළිය වසර ගණනාවක් තිස්සේ වසා දැමීම හේතුවෙන් දෙස් විදෙස් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියි.

වැසිකිළිවල පිරි ඉතිරියාම හේතුවෙන් එක් වැසිකිළියක් වසාදැමීම එයට හේතුවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

එහි කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන් වෙන්ව වැසිකිළි ඇති නමුත් වැසිකිළිවල පිරි ඉතිරියාම හේතුවෙන් වසර 3ක පමණ කාලයක් තිස්සේ පිරිමි වැසිකිළිය වසා දමා තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාන්තාවන්ට සහ පිරිමින්ට එකම වැසිකිළියක් භාවිත කිරීමට සිදුවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව ඇති බවයි. 

කෙසේ වෙතත් දැනට භාවිතයට ගතහැකිව ඇති වැසිකිළියේද වහලය තැනින් තැන අබලන්වී ඇති අතර  එය පවිත්‍රතාවයෙන්ද අවම මට්ටමක පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කර ජනතාවගේ පරිහරණයට ලබාදීමට කඩිනම් පියවර ගන්නැයි අදාළ බලධාරීන්ගේ දෙස් විදෙස් ජනතාව ඉල්ලා සිටියි.