මහින්ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී වැඩ අරඹයි

මහින්ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී වැඩ අරඹයි

January 22, 2019   04:50 pm

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, හිටපු ජනාධිපති, පාර්ලිමින්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය.

මේ අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2002 පෙබරවාරො 06 සිට 2004 පෙබරවරි 7 දින දක්වා කාලය තුළ ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නයකවරයා ලෙස කටයුතු කළේය.