උකුසු ඇසට හසු වු තවත් ප්‍රෝඩාවක්

උකුසු ඇසට හසු වු තවත් ප්‍රෝඩාවක්

January 19, 2019   07:42 pm

ඉපලෝගම ප්‍රාදේශීය සභාව යටතේ ක්‍රියාත්මක කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ නිසි අයුරින් කසළ ප්‍රතිචක්‍රීකරණය නොකරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මේ ඉපලෝගෙම ප්‍රාදේශීය සභාව යටතේ පුලියන්කුලම, පූගොල්ලාගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයයි.

මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ අවට නගර 8 ක සහ රෝහල් 5 ක ඉවතලන අපද්‍රව්‍ය ප්‍රතිචක්ක්‍රීකරණය කිරීම සඳහායි.


කෙසේ වෙතත් මෙහි ඇතැම් කසළ ප්‍රතිචක්‍රීකරණය නොකර පුළුස්සන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා සිදු කළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ පොලිතීන් සහ ප්ලාස්ටික් ගබඩා කිරීමට වෙන වෙනම ගොඩනැගිල්ලක් මෙහි ඉදිකර තිබියදීත් ඒවාට කසළ නොදා එම ගොඩනැගිලි පසුපස කසළ ගිනි තබන ආකාරයයි.


එසේ නම් දැන්වත් මේ පිළිබඳව සොයාබලා බලධාරීන් කටයුතු කරන තෙක් අද දෙරණ උකුස්සා සීරුවෙන්.