ජනපතිගේ අපේක්ෂාව
January 11, 2019 05:12 pm
නව තාක්ෂණික දැනුමත් සමඟ ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකිම තම අපේකෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිතා කිරීමට ළමුන් වගබලා ගතයුතු බව ජනාධිපතිවරයා පැවසීය.
වර්තමානයේ නව තාක්ෂණයේ ප්රතිලාභ නාගරික හා ග්‍රාමීය සියළු දරුවන්ට හිමිව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්රිඩාගාරය සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් සහ ජනධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මහජන සේවවාන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නව ආණ්ඩුකාරවරු සෘජුව මැදිහත් විය යුතු බවයි.