තෙල් සංස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්

තෙල් සංස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ්

January 11, 2019   04:41 pm

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා මත අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රි කේ.ජී.කුලතිස්ස මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කඳවනු ලැබුවේය.

එහිදී මන්ත්‍රිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප  ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසවේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වනදා  හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ ‍තෙල් නීතිගත සංස්ථා  පරිශ්‍රයට පැමිණිමේදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු පසුගිය 07 වනදා  අත්අඩංගුවට ගත්තේය.