අගහිඟකම් මැද ජීවිතයට මුහුණ දෙන සහෝදර බැඳීම
January 11, 2019 03:30 pm
ආර්ථික අපහසුතා රැසක් මැද වසර 30කට ආසන්න කාලයක් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳ පුවතක් ගාල්ල - ගල්වඩුගොඩ ප්රදේශයෙන් වාර්තාවුණි.
ගාල්ල - ගල්වඩුගොඩ ප්රදේශයේ ඉතා කුඩා පැත්පතක ජීවත්වන වයස අවුරුදු 82ක් වූ පී.පී.රොස්ලින් මහත්මිය සහ ඇගේ බාල සොහොයුරිය වූ වයස අවුරුදු 61ක් වයසැති බොදන ප්රියංකර ජස්ලින් මහත්මියයි.
අවිවාහක මේ සොහොයුරින්යන් දෙදෙනාම වසර 30ක පමණ කාලයක සිට ගම්වාසියෙකුගේ ආධාරය යටතේ ලබාදුන් ඉඩමක තනාඇති මේ කුඩා පැල්පතේ ඉතා අසරණ දිවිපෙවෙතක් ගතකරමින් පසුවෙයි.
දැඩි ලෙස රෝගී තත්ත්වයේ පසුවන රොස්ලින් මහත්මිය දැනට රැකබලාගැනීමට සිදුකරනු ලබන්නේද ඇගේ බාල සොහොයුරිය වූ ජස්ලින් මහත්මිය විසිනි.
සමෘද්ධි සහනාධාරය මඟින් ලබාදෙන රුපියල් 1000ක මුදලත්, සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන රුපියල් 3000ක මුදලකුත් පමණක් ජීවත්වීම සඳහා මසකට ලැබෙන මේ සොහොයුරියන් දෙදෙනා දැන් ගෙවන්නේ ඉතා අසීරු ජීවිතයකි.
ඔවුන් දෙදෙනාගේ එකම ඉල්ලීම වන්නේ ජීවිතයේ සැඳෑ සමය හෝ සතුටින් ගෙවා දැමීම සඳහා ඔවුන්ට කුඩා නිවසක් තනාගැනීමට උපකාරයක් වන ලෙසයි.