සේනා ආක්‍රමණය තවත් දිස්ත්‍රික්ක දෙකකට
January 11, 2019 02:22 pm
බෝග වගාවලට බරපතළ තර්ජනයක් වී ඇති සේනා දළඹු වසංගතය මේ වන විට මඩකලපුව හා කෑගල්ල දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී තිබේ.
ඒ අනුව සේනා දළඹුවාගේ තර්ජනයට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 7කි.
බඩඉරිඟු, උක් , වී , එළවළු , පලතුරු ඇතුළු බෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍ර වලට හා බීජවලට හානි කරන “සේනා” දළඹුවන්ට එක් දිනකදී අක්කර දහසක වගාවක් වුවද විනාශ කළ හැකි බවට මේ වනවිට තොරතුරු අනාවරණය කර තිබේ.
අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල , අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලටද ව්‍යාප්තවී ඇති සේනා දළඹුවන් මේවන විටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1185 ක බඩ ඉරිඟු වගාව විනාශ කර තිබේ.
දිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කන්නයේදි අක්කර 2240 ක් බඩඉරිඟු වගා කළ ද වැඩි ප්‍රමාණයක් සේනා දළඹුවන් විසින් විනාශ කර ඇති බවයි.
මේ අතර ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කෑගල්ල අමිතිරිගල ප්‍රෙද්ශයෙන් සේනා දළඹුවන් හමුව තිබුණු අතර මේ වන විට සේනා දළඹුවන් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක බෝග වගාවන් විනාශ කරමින් සිටින බවට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් තහවුරු කර ගෙන තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් විසින් මේ වන විට වගා භූමි පරික්ෂාවේ සහ ගොවීන් දැනුවත් කිරීමේ නිරතවෙයි.