ජනපති ලබන සතියේ පිලිපීනයේ යයි

ජනපති ලබන සතියේ පිලිපීනයේ යයි

January 11, 2019   01:59 pm

රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මස 15 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් පිලිපීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර ජනවාරි 15 සිට ජානවාරි 19 වන දින දක්වා ජනාධිපතිරවයා පිලිපීනයේ සංචාරයේ නියළෙන බව වාර්තා වෙයි.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ එරට රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.