ඇමති දිගම්බරම් උපන්දිනේ සමරපු හැටි

January 10, 2019   12:35 pm

අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ උපන් දිනය නිමිත්තෙන් හැටන් ප්‍රදේශයේ ආගමික ස්ථාන වල ආශිර්වාද පුජාවන් පවත්වා ඇත.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ 52 උපන් දිනය අදට (10) යෙදි තිබේ.

අමාත්‍යවරයාගේ උපන්දිනය නිමිත්තෙන් හැටන් ශ්‍රී මාණික්ක්‍ය පිල්ලයාර් හින්දු කොවිලේදි විශේෂ ආශිර්වාද පුජාවක් පවත්වා ඇත.

හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේදි එහි ප්‍රධාන පියතුමන් වන නිව්මන් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරයාට ආශිර්වාද පතා විශේෂ දේව මෙහෙයක්ද පවත්වා ඇත.

හැටන් නිග්රෝ ධාරාම විහාරස්ථානයේදි අමාත්‍යවරයාගේ උපන්දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදි එම විහාරයේ විහාරාධිපති  මධ්‍යම පලාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රාෂ්ඨපති මහගම විමල හිමියන් විසින් අමාත්‍යයාට සෙත් ප්‍රාථනා කරමින් බෞද්ධ චාරිතානුකුලව ආගමික වතාවන් පැවැත් විය.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි අමාත්‍යවරයාට ආශිර්වාද පතා යඥාවක් පැවැත් විය.