රටේ නම තැබූ වීරයෙක් මහින්ද හමුවෙයි

රටේ නම තැබූ වීරයෙක් මහින්ද හමුවෙයි

January 8, 2019   06:59 pm

2017 වසරේ දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක ඇතිවු ගින්නකින් වයස අවුරුදු 90ක කොරියානු කාන්තාවකගේ දිවි බේරාගත් මිනිපේ, හසලක නිමලසිරි බණ්ඩාර මහතා අද (08) දින හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මුණ ගැසී තිබේ.

නිමලසිරි බණ්ඩාර මහතා විසින් කරන ලද මෙම වීරක්‍රියාවට කළගුණ සැලකීමක් ලෙස කොරියානු රජය විසින් ඔහුට කොරියාවේ පුරවැසි භාවය ලබාදී ඇත.

විදේශීයෙකුට කොරියානු රජය විසින් පුරවැසි භාවය ලබාදුන් ප්‍රථම අවස්තාව මෙයවේ. 

මෙම අවස්තාවට කොහුවල ධාතුමලු විහාරාධිපති පිටිගල සෝනුත්තර නායකස්වාමීන් වහන්සේ, වට්ටාරම රජමහා විහාරාධිපති වෑවල සමිත ස්වාමීන් වහන්සේ, මිනිපේ විජිත හිමි, දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති කටුවන විජිතවංස හිමි, ශ්‍රී ලංකාරාම විහාරයේ දායක සභාවේ සභාපති කොරියානු ජාතික බියුන් ගු හු මහතා සහ ජර්මනියේ මියුනිච් විහාරවාසී කන්තිමහර විපස්සි හිමි සහභාගී විය.