ජනපති දෑතින් සැබෑ වු තවත් සිහිනයක්

ජනපති දෑතින් සැබෑ වු තවත් සිහිනයක්

December 18, 2018   04:26 pm

සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටු කර තිබේ.

උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාම ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් සංගීතය තෝරාගත් ළහිරුණි සිය ප්‍රධාන වාදන භාණ්ඩය ලෙස සිතාරය තෝරා ගෙන තිබේ.

ආර්ථීක අපහසුතා රැසක් මැද දිවි ගෙවන මෙම සිසුවියගේ දෙමාපියන්ට ඇයට එම වාදන භාණ්ඩය මිලදී ගෙන දීමට තරම් හැකියාවක් නොතිබීම හේතුවෙන් දැරිය දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියි.

ඉකුත් දෙසැම්බර් 08 වනදා ජනාධිපතිවරයා පොළොන්නරුව, ගණන්ගොල්ල ප්‍රදේශයට ගියේ තවත් එවැනිම සිසුවෙකු වූ ශාලික ලක්ෂාන් සිසුවාගේ නව නිවසක සිහිනය ඉටුකර දීමටයි. 

එහිදී ප්‍රබෝධා දැරියගේ මෙම අවශ්‍යතාවය එහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.

එම ඉල්ලීම කඩිනමින් ඉටු කර දෙමින් ජනාධිපතිවරයා විසින් මෙම සිතාරය ලබා දීමට කටයුතු කර ඇත.