සා/පෙ පිළිතුරු පත් ඇගයීම-පළමු අදියර සුදානම්

සා/පෙ පිළිතුරු පත් ඇගයීම-පළමු අදියර සුදානම්

December 18, 2018   03:20 pm

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයිම් පළමු අදියරේ කටයුතු දෙසැම්බර් මස 23 වන දා ආරම්භ කරන බව  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 23 වන දා සිට 2019 ජනවාරී 1 වන දා දක්වා සිදු කරනු ලබයි.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 84 ක් තෝරා ගෙන තිබේ.

ඇගයීම් මණ්ඩල 1780 ක දී පරීක්ෂකවරුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් ඇගයීම් කටයුතු සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.