ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

December 18, 2018   03:04 pm

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අලව්ව සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීම මීට හේතුව බව වාර්තා වේ.

ඒ අනුව කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක ආධාරයෙන් මේ වන විට අලව්ව දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මරදාන සිට පොල්ගහවෙල  දක්වා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කළේය.