මී උණ නවත්වන්න ආණමඩුවට ‍ඖෂධ

මී උණ නවත්වන්න ආණමඩුවට ‍ඖෂධ

December 18, 2018   02:39 pm

මී උණ රෝගය වැලදිම වැලැක්විම සඳහා ආණමඩුව සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරි කොට්ඨාශයේ ගොවින් සහ අනිකුත් ජනතාව වෙත ඖෂධ 40,000 කට ආසන්න ප්‍රමානයක් බෙදි දිම සිදුකර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පැවසිය.
  
මෙවර මහ කන්නයේ කුඹුරු වගා ආරම්භ විමත් සමඟ ගොවින් කුඹුරු වලට බැසිමට ප්‍රථම සහ විටන් විට මෙම මී උණ හෙවත් ලෙක්ටොස් ෆයිරෝසිස් රෝගය වැලැක්විමට ඖෂධ ලබා දිම සිදුවු බවත් එය ගොවින් සහ අනිකුත් පිරිස් 5000 කට ආසන්න ප්‍රමානයකට බෙදා දිම සිදුව ඇති බව කියයි. 

 මී උණ බැක්ටිරියාවක් මගින් පැතිරි යන අතර බහුල ලෙස කුඹුරු වලට බැසිමට ප්‍රථම ඩොක්සිසයී ක්ලින් (doxycy line) නැමති ප්‍රතිජිවක ඖෂධ කරල්  සතියකට දෙක බැගින් ගැනිමට ගොවින්ට සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

 ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පවසා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 48 ක් ආවරණය වන පරිදි මෙම ඖෂධ බේදා දිම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් සිදු කල බවයි. 
 
එසේම මීඋණ වැලදුන රෝගින් හය දෙනෙකු මෙම වසරේ හමුවි ඇතත් කිසිදු මරණයක් වාර්ථා නොවු බවද ඔහු වැඩි දුරටත් පැවසිය.