මුලතිව් මුහුදේ සුනාමියක් ද?

December 17, 2018   07:57 am

මුලතිව් සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව සිය ධීවර වාඩිවලින් ඊයේ(16) සවස ඉවත්වු බව මුලතිව් ධීවර ජනතාව පවසති.

මුලතිව් ධීවර ජනතාව පැවසූවේ මුහුදු ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර වෙරළෙන් ඔබ්බට ඇතැම් ධීවර වාඩි ප්‍රදේශ වෙත ද ජලය ගලා පැමිණි බවයි.

මුලතිව් නගර කලාපයේ සිට නයාරු ප්‍රදේශය දක්වා සාගර කලාපයේ දැඩි වෙනසක් ඊයේ(16) දිනය පුරාම දැක ගැනීමට හැකිවු බව ධීවර ජනතාව පැවසූහ.

ධීවරයි මුහුදු යාමෙන් වැළකි සිටි අතර,සුනාමියක් හට ගැනීමේ සුදානමක් දැයි සිතා ධීවර ජනතාව බෝට්ටු වෙරළෙන් ඉවත් කොට වාඩිවලින් පිටත්ව ගිය බවද නයාරු ධීවර පිරිස් පැවසූහ.

මුලතිව් සිට නයාරු දක්වා වෙරළ සීමාවේ මුහුදු රළ ඉහළ ගොස් ඇති අතර ප්‍රදේශයේ ධීවර ජනතාව ගැටළුවෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද ධීවර ජනතාව පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ආරක්ෂක අංශයන්ගෙන් සිදුකළ  විමසීමේදී පැවසූවේ ප්‍රදේශයේ මුහුදු රළ ඉහළ යමින් පවතින අතර කලපු ස්ථානයන්ගේ ධීවර ගම්මාන වෙතද ඇතැම් ස්ථානයන්ගෙන් ජලය ගලාගෙන පැමිණ ඇති බැවින් ධීවර ජනතාව බියවි ඇති බවයි.