පොලිස් ජිප් රථයේ ගැටී පුද්ගලයෙකුට බරපතළයි

පොලිස් ජිප් රථයේ ගැටී පුද්ගලයෙකුට බරපතළයි

December 17, 2018   07:35 am

කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ  ඊයේ(16) රාත්‍රියේ මුලතිව් මුල්ලියාවේලි පොලීසියට අයත් ජිප් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් එලෙස තුවාල ලබා ඇති බවයි.

හැටන්,දික්ඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු අනතුරින් තුවා ලබා මෙලෙස කිලිනොච්චිය ‍රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වෙයි.

යාපනය සිට නැවත මුලතිව් බලා ගමන්කළ ජිප් රථයක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.