පිඟාඔයෙන් මහවැලි ගඟට එකතු වන අමනුස්සකම

December 15, 2018   04:17 pm

ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට පානීය ජලය මෙන්ම කෘෂිකාර්මික ජලයද සපයන මහවැලි ගඟ විවිධ ආකාරයට කැලි කසල එක් වී දැඩි පරිසර දූෂණයකට ලක්වීම බොහෝ කාලයක සිට සිදු වෙමින් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මහනුවර මහ නගර සභාවේ කැලි කසල බැහැර කරනු ලබන තේක්කවත්ත කසල කන්දෙන් නික්මෙන අපද්‍රව්‍ය මඟින් මහවැලි ගඟ දැඩි පාරිසරික දූෂණයකට ලක්වීම එක් දෙසකින් සිදු වෙද්දී, මහවැලි ගඟේ  එක් ප්‍රධාන අතු ගංඟාවක් වන අකුරණ අඹතැන්න හරහා ගලා එන පිඟා ඔයට බැහැර කරනු ලබන කැලි කසලද අති  විශාල වශයෙන් මහවැලි ගඟට එක්වීම සිදු වන බවද එම පරිසර සංවිධාන පෙන්වා දෙයි. 

පිඟාඔය හරයා ගලා ඇවිත් මහවැලි ගඟට එක්වන කසල ලෑලි පාලමක් අසල රැඳී තිබෙන අයුරුද කැමරාවට හසු විය.